Published
                
                 
                
            අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පත් කිරීමට අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ, ජාතික පොලිස් කොමිසම විසින්.
ශානි අබේසේකර මහතා මේ වන විට මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා ලෙස සේවය කරනු ලබනවා.
ඔහු මීට පෙරද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ලෙස සේවය කර තිබෙනවා.




