පුත්තලම 58 වන බලසේනා මුලස්ථානයේ ශාරීරික අභ්‍යාස පාඨමාලාවට සහභාගී වූ යුද හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුද හමුදාවේ සේවය කළ ලාන්ස් කෝප්‍රල්වරයෙක්. යුද හමුදාවට අයත් පුත්තලම, සේනකුඩිරිප්පුවේ පිහිටි 58 වන බල සේනා මුලස්ථානයේ පැවති බලඇණි පාඨමාලාවක් සඳහා එම සෙබලා සහභාගි වී තිබෙනවා.

එම පාඨමාලාවේ ශාරීරික යෝග්‍යතා අවසන් පරීක්ෂණය සඳහා සහභාගි වෙමින් සිටින අතරතුර අදාළ සෙබලා හදිසියේම රෝගීවී ඇති බවයි පුත්තලම පොලීසිය පැවසුවේ.

ඔහු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හදිසියේ ඇති වූ හෘදායාබාධයක් මරණයට හේතුව වන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.