Published
නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් අද වන් පොහොය දිනක සිදු වූ බවයි පොල්ගස්ඕවිට, සියඹලාගොඩ, සඳමෙත් අරණ භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද හිමියන් පැවසුවේ.
ආර්ය කර්මයන්ම ජීවිතය තුළ පවත්වා ගැනීමට උත්සුක වන පොහොය දවසක් බවට අද දින පත්කර ගන්නා ලෙසට උන්වහන්සේ සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක්ද කළා. මේ අතර සෑම පුර පසළොස්වක පොහොය දිනකම නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා සජීවී වැඩසටහන අද උදෑසන 06.00ට ආරම්භ වුණා. ඒ, කැස්බෑව, විජයසුන්දරාරාම විහාරස්ථානයේ නන්න්දන මහා පිරිවෙන් පින් බිමේදීයි. එහිදී අද දවස පුරා පැවැත්වෙන පින්කම් පිළිබඳ දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එම විහාරස්ථානයේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමඟින්.