2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සාධන මට්ටම් අනුව සබරගමුව පළාත පළමු තැනට පත්ව තිබෙනවා. කඩයිම් ලකුණු අනුව ඉහළම සාධන මට්ටමක් පෙන්නුම් කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි. අද පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වූවා.

මේ අතර, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනේ ප්‍රථමස්ථානය හිමි කරගත් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ එම් ඩබ්ලිව් ශනුදි අමායා ශිෂ්‍යාව සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.