2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍යයෙන් ලබාගෙන ඇති ඉහළම ලකුණු සංණ්‍යාව වන ලකුණු 198 ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. දෙමළ මාධ්‍යයේ වැඩිම ලකුණ වන ලකුණු 194 වාර්තා වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන්. සිංහල හා දෙමළ මාධ්‍යයන්හි දිස්ත්‍රික් කඩඉම් ලකුණු නිකුත් කර ඇති අතර එම කඩඉම් ලකුණෙන් ඉහළ ලකුණු ලබාගෙන ඇති සිසුන් ගණන 51,969ක් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා. එම මාධ්‍ය හමුවේ සවිස්තරාත්මක තොරතුරු දහවල් 12.00 නෙත් නිවුස් දවස මැද වාර්තාකරණයෙන් බලාපොරොත්තු වන්න.