2025, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිස එම ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්
ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනය කළේ. පසුගිය අගෝස්තු මස 10 වන දින පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ තුන් දහස් හයසිය හැත්තෑ දෙනෙකු පෙනී සිටියා.
ඒ අතරින් සිසුන් 51,969 දෙනෙකු කඩඉම් ලකුණෙන් ඉහළ ලකුණු ලබාගෙන ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
2025, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සිංහල හා දෙමළ මාධ්‍ය දිස්ත්‍රික් කඩයිම් ලකුණු ද විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ 140ක් ලෙසයි එහි සඳහන් වන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු 136ක් වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ 135ක් වනවා.
බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණ 134ක් වන අතර අනුරාධපුර, පොලොන්නරුව, පුත්තලම, අම්පාර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ 133ක් වන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
කිලිනොච්චි, මන්නාරම, වව්නියාව, මුලතිව් සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ 127ක් වනවා.
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණ 134ක් වනවා. ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු පිළිබඳ සම්පූර්ණ ලේඛනය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.
Published