05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ කිරීමට පෙර එය සමාජ මාධ්‍ය වෙත මුදාහැරිමේ සිද්ධියට අදාලව විභාග ශාලාධිපතිනිය වරද පිළිගෙන ඇතැයි වාර්තා වනවා. කඩවත ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක රාජකාරි කළ අදාල ශාලාධිපතිනිය විභාගය අවසන් වීමෙන් පසු, ඇය එම ප්‍රශ්න පත්‍ර සිය හිතවතියකට යොමු කර ඇතැයි වාර්තා වුණා. එම ශාලාධිපතිනිය කඩවත ප්‍රදේශයේ පාසලක සේවය කරන නියෝජ්‍ය විදුහල්පතිනියක් වනවා. ඇය අදාල ප්‍රශ්න පත්‍ර ජංගම දුරකතනය හරහා යොමු කර ඇත්තේ කඩවත ප්‍රදේශයේම ඇගේ හිතවතියක් වන හෙද නිලධාරිනියකට බවයි සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. පසුව එම හෙද නිලධාරිනිය විසින් අදාල ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත පළමුව මුදාහැර ඇති බව වාර්තා වනවා. සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර ඊට අදාල ශාලාධිපතිනිය සහ හෙද නිලධාරිනිය ද කැඳවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. මේ අතර පසුගිය 10 වනදා පැවැති මෙම වසරට අදාල 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීම අද ආරම්භ වනවා.
Published