Published
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද දිනය තුළ නිකුත් කිරීමට හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ බොහෝ දුරට අද රාත්‍රියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරනු ඇති බවයි. මෙම වසරට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 10 වනදා පැවැත්වුණා. දිවයින පුරා මධ්‍යස්ථාන 2,787කදී පැවති එම විභාගයට පෙනී සිටි සිසුන් ගණන තුන් ලක්ෂ හත්දහස් නවසිය පනස් එකක්.