බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් මුම්බායිහිදී අනතුරකට ලක්ව තිබෙනවා.

ඒ, ටුබැකෝ චිත්‍රාගාරයේ කිංග් චිත්‍රපටයේ දර්ශනයක් රූගත කරමින් සිටියදීයි.

අනතුරෙන් ෂාරුක් ඛාන්ගේ මාංශපේෂී ආබාධයකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු අමෙරිකාවට රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහුට වෛද්‍යවරුන් උපදෙස් ලබා දී ඇත්තේ විවේක ගන්නා ලෙසයි.

ඒ අනුව මාසයක පමණ කාලයක් ඔහු රූගත කිරීම්වලින් ඉවත්වීමට පියවර ගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර කොළඹ, “සිටි ඔෆ් ඩී්‍රම්ස්” විවෘත කිරීමේ උත්සවයට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී නොවන බව සංවිධායකයින් මීට පෙර ප්‍රකාශ කළා.

අදාළ උත්සවය ලබන දෙවනදා පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

කෙසේවෙතත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා ෂාරුක් ඛාන්ට ඊට සහභාගී වීමට නොහැකි බවයි සංවිධායකයින් පැවසුවේ.