බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා සහ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සමාන් ඛාන් වරදකරුවන් ලෙස තීන්දු කිරීමෙන් පසු ඔවුන් සිය රටට වහාම භාරදෙන ලෙස බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යංශය ඉන්දීය රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
දෙරට අතර පවතින පිටුවහල් කිරීමේ ගිවිසුමට අනුව ඉන්දියාව එලෙස කටයුතු කිරීමට බැඳී සිටින බවයි බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ.
මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයින්ට වෙනත් ඕනෑම රටක් රැකවරණය ලබාදීම බරපතල මිත්‍රශීලී නොවන ක්‍රියාවක් මෙන්ම යුක්තියට අපහාස කිරීමක් වන බවද බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
2024 වසරේ බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා මර්ධනය සම්බන්ධයෙන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ යන චෝදනා යටතේ ශෙයික් හසීනා සහ අසාදුස්සමාන් ඛාන් වරදකරුවන් බවට පත් කරමින් බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව තීන්දුවක් ලබා දුන්නේ ඊයේ දිනයේදීයි.
2024 වසරේ රට තුළ පැවති දේශපාලන නොසන්සුන්තා හේතුවෙන් ඔවුන් දෙදෙනා එරටින් පලාගොස් සිටි බැවින් ඔවුන් නොමැතිව නඩු විභාගය පවත්වා අදාල තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.
හිටපු අගමැතිනිය සහ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සිය රටට භාරදෙන ලෙස බංග්ලාදේශය කළ ඉල්ලීමට ඉන්දියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.




