Published
සංචාරකයින් සඳහා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීම හරහා දුම්රිය දෙපාර්තමේන්තුව පෙර නොවූවිරූ ආදායමක් උපයාගත් බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ ඇල්ල ඔඩිසි සහ කැලිප්සෝ දුම්රිය ධාවනයෙන් වැඩිම ආදායමක් හිමිවූ බවයි.
මේ අතර මහනුවර ඇසල මංගල්‍ය වෙනුවෙන් ධාවනය එක්කර ඇති විශේෂ දුම්රිය සේවා ලබන සඳුදා සිට ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවා.
ඔහු කියා සිටියේ මේ සඳහා විශේෂ දුම්රිය සේවා 07ක් ක්‍රියාත්මක බවයි.
මහනුවර ඇසල මංගල්‍ය වෙනුවෙන් ධාවනය එක්කර ඇති විශේෂ දුම්රිය සේවා ලබන 08 වනදා තෙක් ක්‍රියාත්මකයි.