සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟය පස්වරු 02යි 30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

දෙරට අතර පැවති පළමු එක්දින තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව අද තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන්නේ යහපත් මානසිකත්වයෙන්.

අද තරඟය ජය ගතහොත්තවත් තරඟයක් ඉතිරිව තිබියදී එක්දින ක්‍රිකට් තරඟාවලියේ ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වනවා.