සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා.
රාත්‍රී 07.00ට එම තරගය ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති ටෙස්ට් හා එක්දින තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා ඉහළ මානසිකත්වයකින් යුතුව සූදානමින් සිටින බවයි කණ්ඩායමේ නායක චරිත් අසලංක පැවසුවේ.
ශ්‍රී ලංකා සංචිතයට කැඳවා සිටින දසුන් ශානකට සහ චාමික කරුණාරත්නට අද තරගයේදී කණ්ඩායමේ ස්ථාන හිමිවන බවද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.
දැනට විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල අංක 07 ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල ඉහළට රැගෙන ඒම සිය අපේක්ෂාව වන බවයි නායක චරිත් අසලංක එහිදී කියා සිටියේ.
මෙම විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ සිටින අවිශ්ක ප්‍රනාන්දුට කණ්ඩායමේ හිමිවන්නේ කිනම් ස්ථානයක් දැයි මාධ්‍යවේදියෙකු එහිදී විමසා සිටියා.
ඊට චරිත් අසලංක පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලදේශය අතර මේ දක්වා විස්සයි විස්ස තරග 17ක් පවත්වා තිබෙනවා.
ඒ අතරින් තරග 11ක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. තරග 06ක් බංග්ලාදේශ කණ්ඩායම ජයගෙන තිබෙනවා.