සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වෙඩික්කරුවන් 38 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා මෙම අදහස් පළ කළා.