සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනල උප නායක අකිල විරාජ් කාරියවසම් සහ උපසභාපති නවීන් දිසානායක යන මහත්වරුන් අතර සාකච්ජාවක් පසුගිය දා සිදු වී තිබෙනවා.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම සාකච්ජාවට එක් වූ නියෝජිතයින්ගේ ජායාරූපය සමාජ මාධ්‍ය තුල නැරඹුම් වාර ලක්ෂ 68 ඉක්මවා ගොස් ඇති බවට වාර්තා වනවා.

සජබ සහ එජාප පාක්ෂිකයන් මෙම එකමුතුව හේතුවෙන් දැඩි ලෙස සතුටට පත්ව තිබෙනවා.

ඉකුත් ජනාධිපතිවරණයෙන්, මහ මැතිවරණයෙන් සහ පළාත් පාලන මැතිවරණයෙන් පසුව සමගි ජන බලවේගයේ පාක්ෂිකයනුත් එජාප පාක්ෂිකයනුත් සිටියේ මෙම පක්ෂ දෙක ඉක්මනින් එක්විය යුතුය යන ස්ථාවරය මතයි.