පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු කරන්නේ නම් විපක්ෂයේ පූර්ණ සහාය ඊට ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය වූ අද දින විවාදයට එක්වෙමින්.
රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ කම්කරු අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂ අද දිනයේ විවාදයට ගැනුණා.
එම විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතායි.
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පළමුව විවාදයට එක්වුණා.
ඉන් අනතුරුව විවාදයට එක්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි.
රජයේ ආයතන සඳහා වාහන මිලදී ගැනීම සම්බන්දයෙන් විපක්ෂ නායකවරයා මතුකර කරුණකට අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විවාදයේදී මෙලෙස පිළිතුරු ලබාදුන්නා.


