අපරාධකරුවන් විසින් සමාජයේ බලය අත්පත් කර ගෙන ඇති බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල බලය ජනතා විමුක්ති පෙරමුණ බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයින් සමග පැවති හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා. එම හමුව හම්බන්තොට ප්‍රදේශයේදී පැවැත්වුණා.