මේ දිනවල වැඩිම කතාබහට ලක්වන මාතෘකාවක් වන්නේ සුප්‍රීම් සැට් පිළිබඳවයි. ඒ, පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ වාර්තා වූ තොරතුරු හේතුවෙන්. පසුව අද සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි දැක්වෙන්නේ වසර 13ක් පුරා රටේ ජනතාව නොමඟ යවමින් පටු දේශපාලන වාසි තකා පැතිරුණු කටකතා වෙනුවට සත්‍ය අනාවරණය වීම තම සමාගම ලැබූ ජයග්‍රහණයක් බවයි. නිරන්තරයෙන් සුප්‍රීම් සැට් රටේ ප්‍රගමනය වෙනුවෙන්, නවෝත්පාදන ක්ෂේත්‍රයට දායකත්වය දක්වමින් තවදුරටත් සමාගමේ කීර්ති නාමය තව දුරටත් ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස්කරුවෙකු ලෙස ඉදිරියටත් කටයුතු කරන බවද එහි සඳහන්. නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැතිව ජනතාව නොමඟ යවමින් සිය දේශපාලනය කිරීමට වෙර දරන පිරිස් හා ඔවුනගේ පදනම් විරහිත හිස් ප්‍රකාශ සම්බන්ධයෙන් තම සමාගම දැඩිව කනගාටුව ප්‍රකාශ කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබුණා.
Published