ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද පස්වරුවේ අවසන් කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද තැපැල් වෘත්තීය සමිති සමග සිදු කළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

එම සාකච්ඡාවෙන් අනතුරුව ඉන් පිටතට පැමිණි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. කෙසේවෙතත් පසුගිය 17 වනදා ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද පස්වරුවේ අවසන් කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති තීරණය කළ බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ.