රට නිවැරදි මාවතට ගෙන ඒමට ආණ්ඩුව අනිවාර්යයෙන්ම කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා සඳහන් කළේ බිඳ වැටී ඇති රාජ්‍ය දේහය ශක්තිමත් කිරීම ඒ අතරින් ප්‍රමුඛ බවයි.

රට නිවැරදි මාවතට ගෙන ඒම වත්මන් ආණ්ඩුවට හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට නොහැකි බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් පවතින නීති ළඟදීම සංශෝධනය කරන බවයි.