Published
වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව සමගි ජනබලවේගය පවසනවා.
එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සඳහන් කර තිබුණේ වසරක් තුළ පළාත් සභා මැතිවරණය පවත්වන බවයි.
මේ අතර, පසුගිය කාලයේ දේශපාලඥයන්ගේ ලියුම්වලට ලැබුණු රැකියා වෙනුවට දරුවන්ගේ අධ්‍යාපන සුදුසුකම් මත රැකියා ලබාදෙන ක්‍රමවේදයක් වත්මන් ආණ්ඩුව විසින් සකස් කළ බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය පවසනවා.