සමථකරණ ක්‍රියාවලිය සඳහා මේ වසරේදී සමථ මණ්ඩල කොමිෂන් සභාව වෙත රුපියල් බිලියනයකට අධික ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ සමථ මණ්ඩල ශක්තිමත් කර ඉඩම් ආරවුල් පිළිබඳ විශේෂ සමථ මණ්ඩල දිස්ත්‍රික් 16ක පිහිටුවා ඇති බවයි.

අධිකරණයට යොමුවන මූල්‍ය ආරවුල් ප්‍රමාණය අඩු කිරීම සඳහා මුල්‍ය ආරවුල් පිළිබඳ විශේෂ සමථ මණ්ඩලයන් හඳුන්වා දී තිබෙනවා.

එහි පළමු පියවර වශයෙන් කොළඹ, ගම්පහ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර සහ මොණරාගල යන දිස්ත්‍රික්කයන් හයෙහි විශේෂ මූල්‍ය ආරවුල් පිළිබඳ සමථ මණ්ඩල පිහිටුවීමට මේ වන විටත් කටයුතු කර ඇති බවයි ඔහු පැවසුවේ.

සමථ මණ්ඩලය වෙත වසරකදී යොමුවන ආරවුල් සංඛ්‍යාව ලක්ෂ දෙකකට අධිකයි.