සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. එවැනි යෝජනා ඇතැම් පුද්ගල කණ්ඩායම් විසින් ශ්‍රී ලංකාව තුළත් ක්‍රියාත්මක කිරීමට උත්සහ දරමින් සිටින බවත් එවැනි යෝජනාවලට කිසිදු ඉඩක් ලබා නොදිය යුතු බවයි කාදිනල් හිමියන් පැවසුවේ. බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

රට තුළ ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන්ද උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළා.