රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ එච් එම් එච් අබයරත්න මහතාගේ නමට මහාචාර්ය යන පදවි නාමය මින් ඉදිරියට යොදන ලෙස දන්වමින් එම අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර තිබෙනවා.

ඒ, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට අයත් ආයතනවල ප්‍රධානීන් වෙතයි.

2025 ඔක්තෝබර් 14 වන දින සිට කැලණිය විශ්වවිද්‍යාලය මගින් අමාත්‍යවරයා වෙත සම්මානිත මහාචාර්ය පදවි නාමය පිරිනමා ඇති බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය නිලන්ති සිල්වා මහත්මිය විසින් සඳහන් කර ඇති බවයි අදාළ ලිපියේ දක්වා ඇත්තේ.

ඒ අනුව අමාත්‍යවරයා වෙත මෙතෙක් භාවිත කළ ආචාර්ය යන පදවි නාමය වෙනුවට මහාචාර්ය යන පදවි නාමය මින් ඉදිරියට යොදන ලෙස අමාත්‍යංශ ලේකම්වරයා විසින් අදාළ ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා.