එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යන පක්ෂ දෙක නැවත වරක් දේශපාලනික වශයෙන් එක් වන බවට පැතිර යන පණිවිඩයෙන් සමාජය තුළ විශාල බලාපොරොත්තුවක් මේ වන විට ඇති වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා.

මන්ත්‍රීවරයා පැවසුවේ විපක්ෂයේ සියලු පක්ෂ එක්ව ආණ්ඩුව ගෙන යනු ලබන අදූරදර්ශී වැඩපිළිවෙළට එරෙහිව ඉදිරියේදී කටයුතු කරන බවයි.

මනත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.