මෙරට සමස්ත ජනගහනය 21,763,170ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව 2012 ජන හා නිවාස සංගණනයේදී වාර්තා වූ මුල් ජන ගහනයට වඩා මෙවර ජන ගහනය 143,771 ක වැඩිවීමක්. මෙම තොරතුරු අනාවරණ වුණේ 2024 ජන හා නිවාස සංගණන වාර්තාව එළිදැක්වීමත් සමගයි.
ඒ අනුව වැඩිම ජනගහනයක් සිටින්නේ බස්නාහිර පළාතේයි. එය මුලු ජනගහනයෙන් 28. 1%ක්. 5. 3%ක් වූ අවම ජනගහනය පදිංචිව සිටින්නේ උතුරු පළාතේයි. දිස්ත්‍රික් මට්ටමින් ගත් කළ වැඩිම ජනගහනය ගම්පහ දිස්ත්‍රික්කයේයි. එම සංඛ්‍යාව 2,433,685ක්. ඉන්පසු වැඩිම ජනගහනයක් සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේයි.
එම සංඛ්‍යාව 2,374,461ක්. කෙසේවෙතත් වර්ග කිලෝ මීටරයකට පුද්ගලයින් 3,549ක් වූ වැඩිම ජනගහන ඝණත්වයක් ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේයි.
මෙම සංගණනයේදී අනාවරණය වූ තොරතුරු අතරින් මේ වන විට කාගේත් කතාබහට ලක්ව ඇත්තේ “පුමිතිරි අනුපාතය” හෙවත් ස්ත්‍රී - පුරුෂ අනුපාතයයි. එසේත් නැතිනම් සෑම කාන්තාවන් සියදෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාවයි.
නවතම සංගණනයේදී හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් සිය දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාව 93ක් බවයි.
2001 - 2012 කාලය සැලකීමේදී මෙරට ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික අනුපාතය සියයට බින්දුවයි දශම හතක්. කෙසේවෙතත් 2012 - 2024 කාලය සැලකූ විට මෙරට ජන ගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතය සියයට බින්දුවයි දශම පහක්. ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන වේගය අඩු වුවද තවදුරටත් ජනගහනය වර්ධනය වෙමින් පවතින බවයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව




