මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල තවත් ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු රඳවාගෙන සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

සංචාරක වීසා මත පැමිණි පිරිසක් එලෙස රඳවාගෙන සිටින බවට වාර්තා වී ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මියන්මාරයේ මියාවඩි ප්‍රදේශය ආසන්නයේ ඇති එම සයිබර් කඳවුරු ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් පාලනය කරනු ලබනවා.

මීට පෙර ද ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එම කඳවුරුවල රඳවා සිටියා.

කෙසේවෙතත් තානාපති කාර්යාලවල මැදිහත්වීමෙන් එම පිරිස අවස්ථා කිහිපයකදී මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළා.