Published
පරිගණක අපරාධ සම්බන්ධ පැමිණිලි 25ක් පමණ දෛනිකව වාර්තා වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
දීර්ඝ කාලයක සිට ලබාදුන් පැමිණිලි අතරින් මෙතෙක් විසඳී නොමැති පැමිණිලි ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයාබලා වෙනම විමර්ශනයක් සිදු කරන බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ කියා සිටියා.
සයිබර් අපරාධ සම්බන්ධයෙන් උතුරු පළාතෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳව ද අමාත්‍යවරයා එහිදී කරුණු දැක්වූවා.
අයවැය කාරක සභා අවස්ථා විවාදය ඊයේ පස්වන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා.
එහිදී බලශක්ති අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගැණුනා. මේ, විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා.
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා අතර ඇති වූයේ මෙවන් සංවාදයක්.




