සයිබර් අවකාශයේ ඇති දත්ත ආරක්ෂා කර ගැනීම සඳහා ළඟදීම සයිබර් ආරක්ෂණ පනතක් ගෙනඑන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරත්න මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ පෞද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට පාර්ලිමේන්තුවේදී ඊයේ එක්වෙමින්.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේ දත්ත ආරක්ෂාව සඳහා රාජ්‍ය ආයතනවල විශේෂ නිලධාරියෙකු පත් කළ යුතු බවයි.
එහිදී අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරත්න මහතා සඳහන් කළේ එක් එක් ආයතනවල විසිරී ඇති පුද්ගලයින්ගේ දත්ත එක් ආයතනයකට ගැනීමට කටයුතු කරන බවයි.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්නා පියවර ප්‍රමාණවත් නොවන බවයි.
එහිදී අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරත්න මහතා සඳහන් කළේ ජාතික ආරක්ෂාවට අතිශය වැදගත් වන සයිබර් අවකාශයේ ඇති දත්ත ආරක්ෂාව සඳහා කඩිනම් පියවර ගන්නා බවයි.
මේ අතර පාර්ලිමේන්තුව අදත් රැස් වනවා.