Published
2006 වසරේ කොළඹ යුධ හමුදා මූලස්ථානය තුළදී එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහු ඝාතනය කිරීමට තැත් කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය අගෝස්තු මස 04 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියම කළා.
මෙම නඩුව කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේයි.
එහිදී අද දින සාක්ෂි දීමට නියමිතව සිටි සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නඩුවේ සාක්ෂි විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලී කරුණානායක මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරිය අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 04 වනදා දක්වා කල් තැබීමට නියෝග කළා.