විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හෙට දිනයේ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. එම සම්මේලනයේ ලේකම්, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීමට රජය මෙතෙක් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.