යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාල පැහැදිලි ලියවිල්ලක් නොමැති වීම බරපතල අඩුවක් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එම සංගමයේ ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන් සිදුවිය යුතු බව සිය සම්මේලනයේ මතය වන බවයි.

නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

සෞන්දර්ය හා ඉතිහාසය විෂයන් අනිවාර්ය විෂයන් විය යුතු බව ආණ්ඩුව ප්‍රකාශ කළද නව ප්‍රතිසංස්කරණ මගින් එම විෂයන් මොඩියුල ලෙස හඳුන්වාදීමට යෝජනා වීම සුදුසු තත්ත්වයක් නොවන බවද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පෙන්වා දුන්නා.

සෞන්දර්ය හා ඉතිහාසය විෂයන් හර විෂයන් ලෙස පැවතීමේ අවශ්‍යතාව ද මෙහිදී පැහැදිලි කෙරුණා.