ආණ්ඩුව මැතිවරණ සමයේදී පොරොන්දු වූ පරිදි විදුලි බිල අඩු කිරීම වෙනුවෙට විදුලි බිල වැඩි කිරීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව විරෝධතා ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේ ආණ්ඩුවේ හැසිරීම ජනතාවට සහයෝගයක් වන ආකාරයට වෙනස් නොවුනහොත් ඉදිරි දින කිහිපය තුළ එම විරෝධතා ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි.

ආණ්ඩුවට කිසිදු හේතුවක් මත ජනතාව තුළ තවත් බර පැටවිය නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පළ කළේ මෙවන් අදහසක්.