Published
ආපදාවෙන් විපතට පත් ජනතාව සඳහා ලබාදෙන සහනාධාර නිසි ක්‍රමවේදයක් ඔස්සේ ලබාදෙන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
සහනාධාර ලබාදීමේදී දේශපාලන මැදිහත්වීම් සිදුවීම සම්බන්ධයෙන් ද ඔහු කරුණු පැහැදිලි කළා.
සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීමෙන් ආපදාවට පත් රට නැවත ගොඩනැගීමට හැකියාවක් පවතින බව හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.
හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ රජය විසින් ජනතාවට ලබාදෙන සහන නිසි වැඩපිළිවෙලක් හරහා බෙදාදීම සියලු නිලධාරින්ගේ වගකීමක් වන බවයි.




