Published
වෙළඳපොළේ සම්බා සහ කීිරි සම්බා සහල් හිඟයක් ඇති කිරීමට ඇතැමුන් උත්සහ කළද දැනට පනවා ඇති පාලන මිලේ වෙනසක් සිදු නොකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන ඕනෑම පාර්ශවයකට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්නා බවයි.
පාලන මිලට වඩා වැඩි මිලට සහල් නිකුත් කරන සහල් මෝල් හිමියන්ට එරෙහිවද නීතිමය ක්රියාමාර්ග ගන්නා බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.




