Published
මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් රටේ සහල් වෙළඳපොළ තුළ ජාවාරමක් සිදු කරන බව වෙළඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරියේදී සිදු කරනු ලබන ජාවාරම්වලට කිසිදු ලෙසකින් ඉඩ නොතබන බවයි.
රජයට සහල් ලබා ගැනීමේදී අඩුම මුදලකට වී සහල් බවට පත් කර ලබා දෙන සහල් මෝල් හිමියන් සමග ඉදිරියේදී රජය කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
අනුරාධපුරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.