වෙළඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා සහල් හිඟය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වුවා.

කිසියම් අයෙකු පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ හොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි එහිදී ඔහු කියා සිටියේ.

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන් දහසකට අධික පිරිසකට එරෙහිව මෙම වසර තුළදී පමණක් නඩු පවරා ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා එහිදී කියා සිටියා.