Published
ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති අද පස්වරු 04 සිට ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනයට අදාළව තැපැල් බලධාරීන් විසින් ලබා දුන් සාකච්ඡාව තුළින් විසඳුමක් නොලැබුණු බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ මේ වන තෙක් දේශපාලන අධිකාරිය විසින් සාකච්ඡාවක් ලබා දී නොමැති බවයි. මේ හේතුවෙන් අද පස්වරු 04ට ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඔහු පැවසුවේ.
පස්වරු 04 සිට පළමුව අඛණ්ඩ වැඩවර්ජනය ආරම්භ කරන්නේ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පැවසුවේ. අද මධ්‍යම රාත්‍රී 12ට සෙසු තැපැල් සේවකයින්ද අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කරන බවත් ඒ අනුව තැපැල් සේවකයින් සියයට 95ක් පමණ වර්ජනයට එක් වන බවත් එම සංගමයේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවා. සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් මෙලෙස අඛණ්ඩ වැඩ වර්ජනයේ නිරත වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.