වැල්ලවාය අධ්‍යාපන කළාපයට අයත් ඇතාදුටුවැව පාසල පිහිටා තිබෙන්නේ වැල්ලවාය නගරයේ සිට කිලෝමීටර් ගණනාවක් දුරින් පිහිටි උල්කන්ද නැමැති අති දුෂ්කර ගම්මානයේ වන අතර මෙම පාසල පිහිටි ප්‍රදේශයේ සෑම දිනකම වනඅලි තර්ජනය පැවතියත් ජීවත් වීමට අවශ්‍ය අවම යටිතල පහසුකම් වත් නොමැති ගම්මානයක් වනවා.
එම ගම්මානයේ ජීවත් වන දරුවන් වෙනුවෙන් පිහිටි එකම පාසල වන්නේ මේ ඇතාදුටුවැව කණිෂ්ඨ විදුහලයි.
එම පාසලේ සිසු සිසුවියන් එකොළොස් දෙනෙකු පසුගිය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති අතර ඒ සියලුම සිසුන් සාමාන්‍ය පෙළ විභාගය ඉහලින්ම සමත් වී වැල්ලවාය අධ්‍යාපන කලාපයේ අන් සියලුම පාසල් අභිබවා කලාපයේ සියයට සියක් ප්‍රතිඵල ලබා ප්‍රථමස්ථානය හිමිකරගෙන තිබෙනවා.
මෙම සිසුන් කිසිවෙකු කිසිදු උපකාරක පංතියකට සහභාගි වී නොමැති අතර එලෙස නගරයට යාමට තරම් ඔවුන්ගේ දෙමාපියන් ට වත්කමක් නොමැති බව ද වාර්තා වනවා.
ගම්මානයටම බස් රථ දෙකක් පමණක් ධාවනය වන අතර එම බස් රථය මග හැරුන හොත් ගමට යාමට ද හැකියාවක් නොමැත.
සෑම දිනකම වනඅලි ගම්වදින අතර බීමට ජල පොදක් පවා මේ දරුවන්ට සොයා ගැනීමට අපහසු වී ඇත.
මේ සියලුම අභියෝග වලට මුහුණ දෙමින් පාසල් වෙලාවෙන් පසුවද පාසලේ ගුරුවරුන් මෙම දරුවන්ට අධ්‍යාපනය ලබා දී ඇති අතර ඇතැම් වෙලාවට රාත්‍රි දහය පමණ වන තෙක් පාසලේ පංති පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
පාසලට එන ගුරුවරුන් උදෑසන පහට පමණ පාසලට පැමිණීම සදහා නිවසින් පිටත් වන අතර ගුරුවරුන් පවා එවන් දැවැන්ත කැපකිරීමක් මෙම දරුවන් වෙනුවෙන් සිදු කිරීම අගයකල යුතුම කරුණකි.
දහසක් අභියෝග මැද සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ ලෙස ජයගත් මෙම සිසුන් පිරිස සියලුම දෙනාට ආදර්ශයකි.