Published
චීනයේ පැවැත්වෙන “ශ්‍රී ලංකාව සඳහා සාම සාධක ධාරිතා වර්ධනය කිරීමේ සමුළුවට” ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් සහභාගී වන නිලධාරීන් අද චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
ඒ, චීන ජනරජයේ තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකා පොලීසිය වෙත කරනු ලැබූ ආරාධනයකට අනුවයි.
එම සමුළුව මෙම මස 09 වනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු සංවිධාන කර ඇත්තේ.
ඒ අනුව මෙම “ශ්‍රී ලංකාව සඳහා සාම සාධක ධාරිතා වර්ධනය කිරීමේ සමුළුව”ට නිලධාරීන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් චීනය බලා පිටත්ව යන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
සබරගමු පළාතේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ පී එම් ගුණරත්න මහතා සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළු කණ්ඩායමක් මෙම පිරිසට අයත් බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පැවසුවේ.


