ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයේදී හොංකොං කණ්ඩායම පරාජය කිරීමත් සමග ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී සිටිනවා. ඒ, සහභාගී වූ තරඟ දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු 04ක් ලබා ගනිමින්. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජය ගත්තේ කඩුලු 04කින්. තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වුණේ ලකුණු 68ක් ලබා ගනිමින් තරඟයේ වීරයා සම්මානය හිමි කරගත් පැතුම් නිස්සංකයි. තරඟය තියුණු මහුණුවරක් ගැනීම සම්බන්දයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පැතුම් නිස්සංක මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

පිතිකරණ දක්ෂතා අඛණ්ඩව වර්ධනය කර ගැනීමට හේතු වී ඇති කරුණු මොනවාදැයි මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පැතුම් එහිදී ලබා දුන් පිළිතුරයි මේ.