සැප්තැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 158,971ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මෙය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පැමිණි සංචාරකයින් සංඛ්‍යාවට සාපේක්ෂව සියයට 30.24ක වැඩිවීමක් බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ.

සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් මෙරටට සංචාරකයින් 49,697ක් පැමිණ ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 31.3ක් වනවා.

එක්සත් රාජධානියෙන් සංචාරකයින් 10,527ක්, ජර්මන් සංචාරකයින් 9,344ක්, චීනයෙන් සංචාරකයින් 10,527ක් සහ ප්‍රංශ ජාතිකයින් 5,144ක් ද පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට සැප්තැම්බර් 30 දක්වා සංචාරක පැමිණීමේ සංඛ්‍යාව 1,725,494ක් වනවා.

ඒ අතරින් 375,292ක් ඉන්දියාවෙන්, 122,144ක් රුසියාවෙන් සහ 161,893ක් එක්සත් රාජධානියෙන් මෙරටට සංචාරකයින් පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.