සිනමාවේ ප්රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින් දේශීය සිනමා කර්මාන්තය රැක ගනිමින්ම විදෙස් සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට ලබා දිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ සිනමාපට බෙදා හරින්නන් සහ නිෂ්පාදකයින් සමඟ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවකට එක් වෙමින්.
කර්මාන්තයක් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර විශේෂයෙන් අගය එකතු කළ බද්ද (VAT) ගෙවීමේදී සිදු වී ඇති අක්‍රමිකතා සහ කර්මාන්තය පුළුල් කිරීමේදී පවතින සීමාවන් පිළිබඳ සිනමා පට බෙදා හරින්නන් සහ නිෂ්පාදකයින් විසින් ජනාධිපතිවරයා වෙත කරුණු පැහැදිලි කරනු ලැබුවා.
2025 වසරේදී සිනමාව කර්මාන්තයක් ලෙස ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තා හිමි කර ගෙන ඇති බවත් එය අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා රජයේ සහාය ලබා දෙන ලෙසත් ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියා.
එම ගැටලු සියල්ලටම ජනාධිපතිවරයා විසින් සාධනීය පිළිතුරු ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ .





