ඉරානයේ සහ ඊශ්‍රායලයේ ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවලින් ඉන්දියානු ජාතිකයින් ඉවත් කිරීමේ මෙහෙයුම වන ‘Operation Sindhu’ පිළිබඳ ඉන්දියාව යාවත්කාලීන කිරීම් ලබා දී තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රන්දීර් ජයිශ්වාල් පැවසුවේ එම මෙහෙයුම ජුනි 18 වන දින දියත් කළ බවයි.
ඉන්දියාව ඉරානය, ටර්ක්මෙනිස්තානය, ජෝර්දානය සහ ඊජිප්තුව යන රටවල රජයන්ට ඔවුන් ලබාදුන් සහයෝගීතාවයට ඔහු ඉන්දීය රජය වෙනුවෙන් කෘතඥතාව පළ කළේය.
ඉන්දියාවේ ඉල්ලීම මත ඉරානය සිය ගුවන් කලාපය විවෘත කරමින් විශේෂ සහයෝගයක් ලබාදීම සම්බන්ධයෙන් ඔහු ස්තුතිය පුද කිරීම විශේෂත්වයකි.
ඊශ්‍රායලයේ සහ ඉරානයේ ගැටුම් පවතින ප්‍රදේශවලින් සිය ජාතිකයන් ඉවත් කිරීම සඳහා ඉන්දියාව ජුනි 18 සින්ධු මෙහෙයුම දියත් කළේය.
ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයින් 40,000 ක් පමණ ඊශ්‍රායලයේ සිටින අතර මේ වන විට ඉන් පුද්ගලයින් 818 දෙනෙකු ඉවත් කර ඇත.
ඉරානයේ සිටින ඉන්දියානුවන් ගණන 10,000 ක් පමණ වන අතර මේ වනවිට ඉන් 3426 ක් යළි ගෙන්වා ගෙන තිබේ.
එමෙන්ම සින්ධු මෙහෙයුමේදී ඉවත් කර ගැනුනු පුද්ගලයින් අතර නේපාල සම්භවයක් ඇති පුද්ගලයන් 9 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු ද සිටින බව ජයිශ්වාල් පැවසුවේය.
මෙම මෙහෙයුම සඳහා ඉන්දියාව විශේෂ ගුවන් යානා 14ක් යොදා ගෙන තිබිණි.