Published
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා IOC සමාගම ද තීරණය කර තිබෙනවා.
සිපෙට්කෝ ඉන්ධන වර්ගවල මිල ගණන් සංශෝධනය කළේ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කළ අතර එහි නව මිල රුපියල් 293ක්.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කළ අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 341ක් ලෙසයි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කර තිබෙනවා.
එහි නව මිල රුපියල් 274ක්.
රුපියල් 331ක්ව පැවති ලංකා සුපිරි ඩීසල් ලිටරයක නව මිල වන්නේ රුපියල් 325ක්.
භූමිතෙල් ලීටරයක් රුපියල් 05කින් අඩු කිරීමටයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කළේ.
එහි නව මිල රුපියල් 178ක්.
මේ අතර මැයි මාසයේදී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව ලාෆ්ස් සමාගම දන්වා තිබෙනවා.