Published
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින තරඟය මේ වන විට පැවැත්වෙනවා. ලකුණු 278ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මෙහොතකට පෙර පන්දුවාර 17ක් අවසානයේදී කඩුලු දෙකක් දැවී ලකුණු 79ක් ලබාගෙන සිටිනවා. සිම්බාබ්වේ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 07ක් පමණක් දැවී ලකුණු 277ක් ලබා ගත්තා. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බෙන් කරන් ලකුණු 79ක් ලබාගත් අතර සිකන්දර් රාසා නොදැවී ලකුණු 59ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 03ක් බිඳහෙළු අතර අසිත ප්‍රනාන්දු කඩුලු දෙකක් බිඳ හෙළුවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 07ක ජයක් හිමි වුණා.