තරඟාවලියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ බලා දිවයිනෙන් පිටත්ව ගියා. එම තරඟාවලියට එක්දින තරඟ තුනක් සහ විස්සයි විස්ස තරඟ තුනක් ඇතුළත්. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සහ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි ජයග්‍රහණය වෙනුවෙන් මෙම සිම්බාබ්වේ ක්‍රිකට් තරඟාවලිය ඉතා වැදගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍ය හමුවේ පැවසුවේ.

මංගල එක්දින වරම් ලැබූ පවන් රත්නායක ද මෙහිදී අදහස් පළ කළා. සිම්බාබ්වේ කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරඟ තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ලබන 29 වනදා ආරම්භ වීමට නියමිතයි.