සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සඳහා සිම්බාබ්වේ සුපිරි පිතිකරුවෙකු වන බ්‍රෙන්ඩන් ටේලර් කැඳවා තිබෙනවා. ඒ, වසර තුන හමාරකට පසුව වීම විශේෂත්වයක්. මීට අමතරව තවත් දක්ෂ පිතිකරුවෙකු වන ශෝන් විලියම්ස් ද සංචිතයට කැඳවීමටයි තීරණය කර ඇත්තේ. ඔහු ද සිම්බාබ්වේ පන්දුවාර විස්සයි විස්ස සංචිතයට කැඳවා ඇත්තේ වසරකට වැඩි කාලයකට පසු ප්‍රථම වරටයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වනවා. තරඟාවලියට තරඟ තුනක් ඇතුළත්. පළමු තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 05.00ට ආරම්භ වන්නේ හරාරේ ක්‍රීඩාංගනයේදීයි.