ලබන වසරේ සිට දිවයින පුරා සියලුම පෙරපාසල් සඳහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා. එහිදී ඇය වැඩිදුරටත් පැවසූවේ පූර්ව ළමාවිය විෂය මාලා රාමුව මේ වන විට සම්පූර්ණ කර අවසන්ව ඇති අතර දහ නවදහසකට ආසන්න පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මස 25 වන දින ආරම්භ කිරීමට නියමිත ව ඇති බවයි. එහි දී සෑම පළාතකම ගුරු පුහුණුවීම් සිදු කරන අතර, එමගින් නව විෂයමාලා රාමුවකට අනුව ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ඇති බව ද අමාත්‍යවරිය එහිදී කියා සිටියා.
Published



