Published
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් අපේ රට සහ ජනතාව නැවත සවිබල ගැන්වීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අද පැවැත්වෙනවා.
ඒ, “පෙරටම යමු ලංකා” නමින්.
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය, මෙරට සියලු රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ ගෙන එන මෙම සමගාමී විකාශය පෙරවරු 09.00 සිට 10.30 දක්වා පැවැත්වෙනවා.
ඊට මනෝ වෛද්‍ය මහාචාර්ය අමිල ඉසුරු, මනෝ වෛද්‍ය මහාචාර්ය අනුප්‍රභා වික්‍රමසිංහ සහ උත්ප්‍රේරක දේශක ආචාර්ය රනිල් සුගතදාස යන මහත්ම මහත්මීන් සහභාගී වීමට නියමිතයි.
වැඩසටහන මෙහෙයවන්නේ නෙත් එෆ් එම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේයි.
“පෙරටම යමු ලංකා” මෙම විශේෂ වැඩසටහන අද පෙරවරු 09.00 සිට නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේද සජීවීව ප්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබෙනවා.




